වයඹ පාළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බණ්ඩාරනායකපුර ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ පුත්තලම සිට සැතපුම් 12 ක් පමණ ගිය පසු පුත්තලම මන්නාරම් මාර්ගයට මායිම්ව පිහිටි ඉඩමක ප්‍රදේශීය දානපතියන්ගේ මැදිහත් වීමෙන් පාසල ආරම්භ විය. ඒ 1970 මාර්තු 23 වන දිනයේදී ය.
ආරම්භක විදුහල්පති වුයේ එච්.එම්.පී.ආර්.බී. දිසානායක මහතාය. ගුරුවරු දෙදෙනෙකුගෙන් හා සිසුන් 115 ක් ගෙන් ආරම්භ විය. මෙම ස්ථානයේ ආරම්භ කිරීමට පෙර බණ්ඩාරනායකපුර ශ්‍රී බෝධිමළු විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් දානපති ඩී.පී. විල්සන් මහතා(ගම්පහ මුදලාලි)ගේ මූලිකත්වයෙන් මුදියන්සේ මහතා හා සහ ඩී. දොන් ගුණසේකර මහතා විසින් පරිත්‍යාග කරන ලද භූමි පරිශ්‍රය වෙත වර්තමාන පාසල ගෙන එන ලදී. පොල් අතු සෙවිලි කළ ගොඩනැගිල්ලකින් ආරම්භ කල විද්‍යාලය පසුව දානපතීන්ගේ පරිත්‍යාගවලින් හා ගම්වාසීන්ගේ කැපවීමෙන් දියුණුව කරා ගෙන එන ලදී. පාසලේ මෙතෙක් සේවය කළ විදුහල්පතිවරුන් ලෙස,
✪එච්.එම්.පී.ආර්.බී. දිසානායක මයා ✪ඩබ්.එස්.එස්. විජේසිරි මයා
✪එස්.ඩබ්. ප්‍රනාන්දු මයා ✪වයි.ඩී.පී. චන්ද්‍රසිරි මයා
✪ඩබ්. රිචට් ප්‍රනාන්දු මයා ✪ආර්.ඒ. රේණුකා මිය (වැ.බ.)
✪ජේ.ඒ. වික්‍රමරත්න මයා ✪ඩී.පී.ඩී. පිලිප් මයා (වැ.බ.)
✪ඒ.එච්.එම්. අභයසිංහ මයා ✪බී.කේ. ප්‍රියන්ත මයා(වර්තමාන)
බණ්ඩාරනායකපුර මහා විද්‍යාලය අද වන විට 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන් හත්සිය පනහකට පමණ අධ්‍යාපනය ලබාදෙන වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇති ප්‍රධානතම පාසලක් බවට පත්ව ඇත. ක්‍රීඩා, සංගීත, නැටුම්, නාට්‍ය හා චිත්‍ර යන සෑම අංශයකින්ම සෑම වසරකටම ජාතික මට්ටමේ ජයග්‍රහණ දිනා ගන්නා සිසු දරුවන් පිරිසක් හා භාෂා තරඟ, දැනුම මිනුම තරඟ වැනි සෑම ක්ෂේත්රයකින්ම ජයග්‍රහණ ලබන දරුවන් පිරිසක් රටට දායාද කිරීමට බණ්ඩාරනායකපුර පාසල් මාතාවට හැකියාව ලැබී ඇත.
වර්තමානය වන විට 1AB පාසලක් ලෙස නම් කර ඇති මෙම විද්‍යාලයේ උසස් පෙළ අංශයෙන් කලා/වාණිජ/විද්‍යා හා ගණිත විෂය ධාරාවන්ගෙන් සිසුන් අධ්‍යාපනය ලබයි. සෑම වසරකම 50% ඉක්මවු සිසුන් ප්‍රමාණයක් අ.පො.ස. (සා/පෙළ) විභාගය සමත් වන අතර, විශ්ව විද්‍යාල හා විද්‍යාපීඨ ප්‍රවේශය ලබන සිසුන් ද ගණනාවකි.
භෞතික හා මානව සම්පත්වලින් පෝෂණය වෙමින් ඉදිරියටම යන විද්‍යාලයේ මෙකී ජයග්‍රහණ දරුවන්ට ළඟා කර දීම සඳහා පාසලේ මේ දක්වා සේවය කළ සියලුම විදුහල්පතිවරුන් හා ගුරුභවතුන් තම අප්‍රතිහත කැපවීමක් සිදු කර තිබේ.
ඉමහත් කැපවීමෙන් පාසල් මාතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියකරන වත්මත් විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ පැතුම වන්නේ සාමාජයට වඩාත් වැඩදායී පුරවැසියන් බිහි කරමින් බණ්ඩාරනායකපුර මහා විද්‍යාලයීය මාතාව දිනෙන් දිනම දියුණු වේවා යන්නයි.
|
ආරම්භ කළ වර්ෂය |
1970 මැයි 02 |
|
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
115 |
|
|
මුල් ගුරුතුමාගේ නම |
එච්.එම්.ජී.ආර්.බී. දිසානායක මහතා |
|
|
පාසලේ ආදි කතෘන්ගේ නම |
ඩී.පී. විල්සන් මහතා(ගම්පහ මුදලාලි) ඩී. දොන් ගුණසේකර මහතා මුදියන්සේ මහතා |
|
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
|
පාසලේ නම |
පු/බණ්ඩාරණායකපුර මහ විදුහල |
|
|
පාසල භාරව කටයුතු කිරීම |
දානපති ඩී. දොන් ගුණසේකර මහතා |
|
|
පාසල පැවැත්වූ ස්ථානය |
බණ්ඩාරනායකපුර ශ්‍රී බෝධිමළු විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් |
|
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ඩී.පී. පාලිත ශාන්ත පුෂ්ප කුමාර මහතා |
![]() |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1970 මැයි 02 |

