නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

වයඔ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයට අයත් වනාතාවිල්ලුව දුප්පත්,පාරිසරික වශයෙන් තරමක් දුෂ්කර ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාසයකි.එම දුෂ්කර පරිසරය තුළ බණ්ඩාරනායකපුර ග්‍රාම නිළධාරි වසමේ පිහිටා ඇති බණ්ඩාරනායකපුර මහා විද්‍යාලය වනාතාවිල්ලුව ප්‍රාදේශයට අයත් උසස්ම පාසලයි.මෙහි නොයෙකුත් තරාතිරමේ දෙමව්පියන්ගේ දරුවන් සෙවන ලබති. 6 ශේණියේ සිට කලා,වාණිජ,විද්‍යා,ගණිත අංශය ඇතුළත්ව 13 ශේණිය දක්වා මනා අධ්‍යාපනයක් ලබා දෙමින් වර්තමානය වන විට 1AB වර්ගයේ පාසලක් බවට පත්ව ඇත. නොයෙකුත් පවුල් පරිසර වලින් පැමිණෙන දරුවන් හට එක සමාන ආදරය,කරුණාව පෙරදැරි කොට ගෙන අකුරු කියාදෙන පුර්වාදර්ශය ඇදුරු මඩුල්ලක් විද්‍යාලය සතුය.විදුහල්පතිතුමා ඇතුඵ ඇදුරු මඩුල්ලේ දැඩි කැපවිම,උත්සහය මත සිසු දරුවන්ගේ දැනුම.කුසලතා හා ආකල්ප දිනෙන් දින වර්ධනය වෙම්න් පවති. අධ්‍යාපනය,කලාව,ක්‍රිඩාව ආදී සෑම අංශයන් හි ජාතික මට්ටම දක්වාම තමන්ගේ දක්ෂතා පෙන්වීමට අප පාසලේ දරුවන්ට අද වන විට හැකියව ලැබී තිබේ. වර්තමානයේ පාසල් ප්‍රජාවට ද ආඩම්බර විය හැකි පාසලක් බවට පත්ව ඇත.එදා සිට අද දක්වා පාසලේ ඇති වී තිබෙන දියුණුව ආදි ශිෂ්‍යයෙක් වන මට ද ඉමහත් ආඩම්බරයකි.
නියෝජ්‍ය විදුහල්පති
