බණ්ඩරණායක විදුහල් මෑණි !
වයඹ පාළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බණ්ඩාරනායකපුර ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ පුත්තලම සිට සැතපුම් 12 ක් පමණ ගිය පසු පුත්තලම මන්නාරම් මාර්ගයට මායිම්ව පිහිටි ඉඩමක ප්‍රදේශීය දානපතියන්ගේ මැදිහත් වීමෙන් පාසල ආරම්භ විය. ඒ 1970 මාර්තු 23 වන දිනයේදී ය.අද වන විට භෞතික හා මානව සම්පත්වලින් පෝෂණය වෙමින් ඉදිරියටම යන විද්‍යාලයේ මෙකී ජයග්‍රහණ දරුවන්ට ළඟා කර දීම සඳහා පාසලේ මේ දක්වා සේවය කළ සියලුම විදුහල්පතිවරුන් හා ගුරුභවතුන් තම අප්‍රතිහත කැපවීමක් සිදු කර තිබේ.
ඉමහත් කැපවීමෙන් පාසල් මාතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියකරන වත්මත් විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ පැතුම වන්නේ සාමාජයට වඩාත් වැඩදායී පුරවැසියන් බිහි කරමින් බණ්ඩාරනායකපුර මහා විද්‍යාලයීය මාතාව දිනෙන් දිනම දියුණු වේවා යන්නයි.


